සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙවීයන 2024 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 26ක් උපයා ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 765ක් වැනි දැවැන්ත මුදලකි. මෙම ආදායමත් සමඟ ඔහු 2024 වසරේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත. යුරෝපයේ ඉහළම මට්ටමේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කොට පසුව එයින් ඉවත්වී සෞදි අරාබියට ගියද ඔහුගේ ආදායමේ කිසිඳු අඩුවක් වී නැත. අමෙරිකානු ටෙනිස් තරුව කොකෝ ගාවුෆ් 2024 වසරේදී ක්‍රීඩිකාවන් අතුරින් ඉහළම ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 3.4ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 100ක්) උපයා ඇති අතර, පිරිමි ක්‍රීඩකයින් අතර අමෙරිකානු ඩොලර් මිලියන 21.8ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 641ක්) උපයාගත් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රාම් දෙවැනි තැන සිටින අතර, තෙවැනි ස්ථානයේ සිටින පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ආදායම රොනාල්ඩෝගේ ආදායමෙන් අඩකට ආසන්න වේ. මෙසී ගෙවී යන මේ වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 397ක්) උපයා ඇති බව අනාවරණය වේ. අමෙරිකානු බාස්කට්බෝල තරුවක් වන ලෙබ්‍රොන් ජේම්ස් අමෙරිකානු ඩොලර් මිලියන 12.8ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 376ක්) උපයා ඇති අතර පස්වැනියා වූ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක එම්බාපේ අමෙරිකානු ඩොලර් මිලියන 11ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 323ක්) උපයා ඇත.