බ්‍රවුන්ස් හෝටල් සමූහයට අයත් බේරුවල මොරගල්ල ‘ඔක්සිඩන්ටල් ඊඩ්න්’ සංචාරක හෝටලය මෙවර නත්තල් උදාව නිමිත්තෙන් දැවැන්ත නත්තල් කේක් සැකසුම් නිර්මාණයක් කිරීම දෙස් විදෙස් සංචාරකයන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පසුගියදා එම හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.
කිලෝ 70ක බරකින් යුතුව සැකසෙන නත්තල් කේක් නිර්මාණය එම හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි එක්සත් විජේරත්න මහතාගේ උපදෙස් සහ සහභාගිත්වයෙන් විදෙස් සංචාරකයන් පිරිසක් ද එකතුව සිදු කිරීම විශේෂත්වයකි.
එම හෝටලයේ කළමනාකාර චන්න ඒකනායක, විධායක සමූහ සූපවේදී දීපාල් ද අල්විස් යන මහත්වරු, අංශ ප්‍රධාන නිලධාරි නිලධාරිනියන්ගේ සහභාගිත්වයෙන්පැවති නත්තල් කේක් නිර්මාණ සැකසුමට එක්වූහ. නත්තල් සීයා විසින් කුඩා දරුවන්ට නත්තල් තෑගි පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ලොකු කුඩා සංචාරකයන් මෙම අවස්ථාවට එක්ව මහත් සතුටට පත් වූ අයුරු දැකගත හැකි විය.