ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් හෝටල් කේෂ්ත්‍රය වෙනුවෙන් පැවැත්වූ සම්මාන උලෙළේදී කොළඹ නගරයේ හොඳම තරු 5 හෝටලය ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පසුගියදා සම්මානයට පාත්‍ර වූ බවත්, ඊට සමගාමිව ශ්‍රී ලංකාවේ හොඳම අවන්හල ලෙස සිනමන් ග්‍රෑන්ඩ්හි නුග ගම අවන්හලද සම්මානයට පාත්‍ර වූ බවත් එම හෝටලයේ සාමාන්‍යාධිකාරි කමල් මුණසිංහ මහතා පැවසීය. එම හෝටලයේ චියර්ස් අවහන්හල් පරිශ්‍රයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සාමාන්‍යාධිකාරිවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්මාන මඟින් සිය හෝටලයේ විශිෂ්ටත්වය සහ නොසැලෙන කැප වීම මනාව පිළිබිඹු වන බව වැඩිදුරටත් පැවසූ ඒ මහතා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් සම්මානයට පාත්‍ර වීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවද කීය. මේ ජයග්‍රහණය පිටුපස පාරිභෝගිකයන් මෙන්ම සියලු සේවකයන්ද සිටින බවත්, ඔවුන්ගේ කැප වීම සහ හැකියා මේ සම්මානය හිමි වීමට ප්‍රධාන ලෙස බල පෑ බවත් කමල් මුණසිංහ මහතා පැවසීය.
2025 වසරේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට වසර 20ක් සපිරෙන බව පැවැසූ ඒ මහතා මෙවැනි සම්මාන හිමි වීමෙන් හොටෙල් ක්ෂේත්රයේ තව තවත් ඉදිරියට යෑමට මහත් ධෛර්යයක් හිමි වන බවත්, ඉදිරියේදී සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට සිය හෝටලය මඟින් නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් කීවේය. ඡායාරූප – විමල් කරුණාරත්න