අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබේ.
78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මෙලෙස රෝහල්ගතකර ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
ක්ලින්ටන් ගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට පසුගිය සදුදා ඔහු ඇතුලත් කර ඇති බවයි.
එමෙන්ම හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්වේ.
ඔහු 2021 වසරේත් මේ ආකාරයට දින 05ක් රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබුණි.
අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළේය.