යුරෝපා සංගමයෙන් සහ සෙසු රටවලින් ජාත්‍යන්තර රැකවරණය ඉල්ලා වසරක් ඇතුළත පාකිස්තාන ජාතිකයන් 28,000ක් අයදුම්පත් යොමු කර ඇතැයි සරණාගතයන් සඳහා වන යුරෝපා ඒජන්සිය ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ඩෝන් ඉංග්‍රීසි පුවත් සේවය වාර්තා කළේය. වසර 2023 ඔක්තෝබරයේ සිට මේ වසරේ ඔක්තෝබර් මාසය අතර කාලය ඇතුළත එම අයදුම්පත් සංඛ්‍යාව යොමු කර ඇති අතර, ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය වූ 3,400ක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී යොමු කර ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අතරින් පාකිස්තානුවන් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ ඉතාලියට බවත්, ප්‍රංශය, ග්‍රීසිය සහ ජර්මනිය රටවලට ද සැලකිය යුතු අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කර ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන ජාතිකයන් විසින් යොමු කරනු ලැබූ අයදුම්පත් අතරින් 12% ක ප්‍රමාණයකට සරණාගතභාවය ලබා දී ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. ජාත්‍යන්තර රැකවරණය ඉල්ලා පාකිස්තාන ජාතිකයන් වැඩි වශයෙන් අයදුම්පත් යොමු කර ඇත්තේ දේශපාලන හා ආරක්ෂක ගැටලු, නීතිමය ගැටලු ඇතුළු අර්බුද හේතුවෙන් බවත් වැඩිදුරටත් වාර්තා වේ.