බංග්ලාදේශ දේශසීමාව අසල පිහිටි මියන්මාරයට අයත් රාකීන් ප්‍රාන්තයේ බෙදුම්වාදී අර්කාන් කැරලිකාර කණ්ඩායම සහ මියන්මාර රජයේ හමුදාව අතර උද්ගත වී ඇති යුද ගැටුම් හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජය අභියෝග රැසකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම යුද ගැටුම් දේශසීමාවෙන් ඔබ්බට ගොස් බංග්ලාදේශ භූමියට ද ව්‍යාප්ත ඇතැයි ද, එය බංග්ලාදේශයේ දේශසීමා හමුදාවට බරපතළ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේම පිහිටි මොන්ඩොව් නගරයේ පාලනය මේ වනවිට අර්කාන් කැරලිකාර කණ්ඩායම අත්පත් කරගෙන සිටින අතර, බංග්ලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවලින් ජිහාඩ් අන්තවාදී කණ්ඩායම් ද අර්කාන් කැරලිකරුවන්ට එක්වී සිටීම බංග්ලාදේශ අන්තර්වාර රජයට තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. රාකීන් ප්‍රාන්තයේ පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස බංග්ලාදේශයේ විදේශ කටයුතු උපදේශක තව්හීද් හොසේන් පසුගියදා මියන්මාර රජයෙන් ඉල්ලීමක් කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.