සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් නායකයා අත්අඩංගුවට ගැනීමේ තීරණය අමෙරිකාව ඉවත් කරයි

සිරියාවේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා හෙවත් අබු මොහොමඩ් අල් ජොහානි අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සපයනු ලබන පුද්ගලයාට අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට අමෙරිකාව විසින් නිකුත් කර තිබූ නිවේදනය ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම අතර පැවැති සාකච්ඡාවකින් පසු අමෙරිකාව මේ පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.