මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,519කි.
එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12,030 දෙනෙකු වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.