විපක්ෂ නායක සහතික භාර දෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කර තිබේ.

ඒ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙරේදා (18) සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන ඊයේ (19) පෙරවරු 11.40ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කළ බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.