කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මේ වන විට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. එම නිසා මෙය දින කිහිපයක් අක්‍රියව පවතිනු ඇති බව පැවසේ.
මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ, එම ගැටලුව විසඳීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. වෙබ් අඩවිය නිවැරදි තත්ත්වයට පත්කරන තෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව භාවිත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. තවද ජනතාවට 0112686686/ 0112689396 දුරකතන අංකවලින් කාලගුණ තොරතුරු ලබාගත හැක.