පිටගැස්මට ලබාදුන් එන්නතක් කල් ඉකුත්වීම නිසා රෝහල්ගත කර සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන් පස් දෙනකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව පඹහින්න රෝහලේ ප්‍රකාශකයකු ඊයේ (18) පැවසීය.
මෙම සිද්ධියෙන් පෙරේදා (17) රෝහල් ගත කළ අය අතුරින් සිසුන් දෙදෙනකු ප්‍රතිකාර ලබාගනිමින් අනතුරුව පිටව ගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම සිද්ධියේදී විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු මුල් අවස්ථාවේදී බලංගොඩ මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඊයේ (18) එම රෝහලෙන් පිටව ගොස් නැවතත් පඹහින්න රෝහලට ඇතුළත්ව ඇත.
මේ අනුව පඹහින්න රෝහලේ මේ වන විට සිසුහු පස් දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ සිසුන් හත්දෙනකුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු ඔවුහු අසනීප තත්ත්වයට පත්ව පෙරේදා (17) රෝහල් ගත කර තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අප කළ විමසුමකදී පැවසීය.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ස්ථිර වෙද්යවරයකු නොමැති බවත් බෙලිහුල්ඔය රෝහලේ වෙද්යවරයකු තාවකාලිකව පැමිණ ප්‍රතිකාර ලබාදෙන බවත් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති. මෙම තත්ත්වය හේතුවෙන් මෙවන් ගැටලු මතුවී ඇතැයි ද ඔවුහු පැවසූහ.
කෘෂි පිඨයේ සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොවිපොළ අධ්‍යයන කටයුත්තකට යැවීමට පෙර ඔවුන්ට පිට ගැස්ම සඳහා එන්නත් ලබාදී ඇත. එම එන්නත් කල් ඉකුත් වී ඇති බව අනාවරණය වී ඇත්තේ ලබා දුන් එන්නත් බෝතල් පරික්ෂා කළ විට එහි කල් ඉකුත් වන දිනය ඔක්තෝබර් මාසයේ දිනයක බව පෙනී යාමෙනි.