ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙරේදා (16) නවදිල්ලියේදී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු – ලංකා සහයෝගිතාව තවදුරටත් ස්ථායී කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (Economic and Technical Cooperation Agreement) සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවයි.