පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් තම මන්ත්රීවරයකු යෝජනා කිරීම අද (17) උදෑසන සමගි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (16) ‘දිනමිණ‘ට පැවසීය. කතානායක ධූරයට නමක් යෝජනා කිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මන්ත්රීවරුන් සමඟ ඊයේ (16) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී යෝජනා වූයේ සමඟි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ කතානායක ධූරය සඳහා නමක් යෝජනා කිරීම සුදුසු බව යැයි ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේය.
ඒ අනුව අද (17) උදෑසන සමඟි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයන් සහා නියෝජිතයන් සමඟ සාකච්ඡාකර කතානායක ධූරය සඳහා නමක් යෝජනා කිරීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ගන්නා බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්න කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගේ නම යෝජනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට විපක්ෂයේ විවිධ මන්ත්රීවරුන් මෙයට පෙර සඳහන් කර තිබුණි.