දින කිහිපයක් පුරා ඇදහැලෙන වර්ෂාවත් සමඟ නාච්චාදූව ජලාශයේ වාන්දොරටු දෙකක් අඩිය බැඟින් ද, වාන්දොරටු දෙකක් අඩි දෙක බැඟින් ද, වාන්දොරටු දෙකක් අඩි තුන බැඟින් ද විවෘත කර ඇති අතර එමඟින් මල්වතු ඔය ජලාශය වෙත තත්පරයට ඝනඅඩි 1436ක ජල ධාරිතාවක් නිකුත් කරනු ලබයි.
පවතින අධික වර්ෂාවත් සමඟම මෙම දොරටු විවෘත කිරීම නිසාවෙන් මල්වතු ඔය අසල සිටින ජනතාව සහ පහත් බිම්වල සිටින ජනතාව වෙත දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස නාච්චාදූව ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරිය ඉල්ලා සිටින්නීය.