විද්‍යා හා තාක්ෂණ ඇමැති ආයතන කිහිපයක සංචාරයක

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රගතිය සහ සැලසුම් සමාලෝචනය සඳහා තම අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ජාතික පර්යේෂණ සභාව (NRC) සහ ග්‍රහලෝකාගාරයේ නිල සංචාරයක පසුගියදා (13) නිරත විය.

අමාත්‍යාංශ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතා සහ අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූ අතර, ආයතනවල ජයග්‍රහණ ඇගයීම, ඉදිරි වසර සඳහා ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සොයා බැලීම, ඔවුන් දැනට මුහුණ දී සිටින අභියෝග අවබෝධ කරගැනීම මේ සංචාරයේ අරමුණ විය. මෙරට විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය උදෙසා මේ ආයතන ඉටු කරන වැදගත් කාර්යභාරය මෙහිදී ඇමැතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර, ඒ ආයතනවල පවතින ගැටලු කෙරෙහිද ඇමැතිවරයාගේ අවධානය මෙහිදී යොමු විය.