නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ඊයේ (16) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා මීට පෙර කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේය. 2014 වර්ෂයේ ජනවාරි 01 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ මනතුංග මහතා මහනුවර හා ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසවල සේවය කර අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා වශයෙන්ද , පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂවරයා වශයෙන්ද රාජකාරී කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබා ගත් ඒ මහතා එම විශ්වවිද්‍යාලයේම විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇත. රුසියාව, කාම්භෝජය තායිලන්තය හා පිලිපීනය පැවැත්වූ පාඨමාලාවලට සහභාගිවී ඒ ඒ රටවල පොලිස් රාජකාරී පිළිබඳ විෂය අවබෝධයක් ද ලබාගෙන ඇත.
මනතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.