ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මිත්‍රශීලී සහාය අපෙන්-මැලේසියා, මාලදිවයින රාජ්‍ය තන්ත්‍රිකයෝ එකඟතාවක

වැවිලි කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මිත්‍රශීලී සහයෝගය ලබාදීමට මැලේසියානු මහ කොමසාරිස්, මාලදිවයිනේ මැලේසියානු තනාපති බඩ්ලි හිෂාම් අදම් (Badli Hisham Adam) මහතා එකඟතාව පළ කළේය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සහ මහ කොමසාරිස්වරයා අතර ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති හමුවේ දී මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව ඇගයීමකට ලක් කරමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට කැප වී සිටින බවත් මහ කොමසාරිස්වරයා කියා සිටියේය.