මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතිවලට වැය කරන ප්‍රතිපාදන සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන පමණක් නොව, ව්‍යාපෘතිවල ඉම්පැක් එක ඉතා වැදගත්. අදාළ ව්‍යාපෘතිවලට වැය කරන වියදමට සරිලන පරිදි, ව්‍යාපෘතියෙන් අත්වන ප්‍රතිඵලය ගැන දැනගැනීමට මිනිසුන් කී දෙනෙකු එහි ප්රතිලාභ ලබනවාද, අදාළ ව්‍යාපෘතියෙන් ඔවුන්ට ලැබෙන සහන මොනවාද යන කරුණුවලට අදාළව එක් එක් ව්‍යාපෘතිවල ඉම්පැක් එක මොනිටර් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවාදැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරගෙන්, අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රශ්න කළාය.
අගමැතිනිය මේ ප්රශ්නය මතු කළේ, ඉකුත් 12 වැනි දින නාරාහේන්පිට පිහිටි කාර්යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වී සාලි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, දේවානන්ද සුරවීර, එරංග ගුණසේකර, සමන්මලී ගුණතිලක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් ලේකම්, දිසාපති , ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කෞශල්‍යා කුමාරී ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවල නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය විශ්ලේෂණය කිරීම සඳහා සමාලෝචන රැස්වීම් සෑම මාසයකම පවත්වන බවත්, එහිදී මතුවන ගැටලු සම්බන්ධව අදාළ ව්‍යාපෘති භාර ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බවත්, තමාගේ ප්‍රධානත්වයෙන් මාස එකහමාරකට වරක්, ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා, එහිදී හඳුනාගන්නා ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා, නිලධාරීන් ක්ෂේත්‍ර සේවයේ යොදවන බවය.
එම ක්‍රමවේදය හැර, අග්‍රාමාත්‍යතුමිය පැවසූ පරිදි එක් එක් ව්‍යාපෘතිවල ඉම්පැක් එක මොනිටර් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින්, ඉදිරියේදී එම කාර්යය ඉටු කිරීම සඳහා තමන් පියවර ගන්නා බව, දිස්ත්‍රික් ලේකම් පැවසීය.
වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම් සඳහන් කර සිටියේ, මාර්ග සංවර්ධනය සඳහා මහා මාර්ග අමාත්‍යාංශය සේම, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල, මාසික ප්‍රගති රැස්වීමේදී සමාලෝචනයට භාජනය කරන බවය. විශේෂයෙන් පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් යටතේ සී, ඩී සහ ග්‍රාමීය මාර්ගය සඳහා රුපියල් මිලියන 520.73ක් වැය කර තිබෙන බවත්, ඒ අනුව සී සහ ඩී මාර්ග 19ක් සංවර්ධනය කිරීම සඳහා, රුපියල් මිලියන 520.73ක් වැය කර තිබෙන බවත්, මේ අනුව මාලඹේ නැවතුම් පොළේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කර තිබෙන බව සහ බස් මඟී ආවරණ 6 ක් ඉදිකර තිබෙන බවද පැවසීය.
2024 දෙසැම්බර් දක්වා කාලපරිච්ජේදය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉකුත් රජය යටතේ වූ ව්‍යාපෘති මෙම වර්ෂය අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමටත්, ඊළඟ වසරේ එනම් 2025 වසරේ පැවැත්වීමට නියමිත සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා සඳහා මෙම ව්‍යාපෘති මඟින් ප්‍රවේශය ගන්නා බව, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පැවසීය.
2024 වර්ෂයේ විමධ්‍යගත අයවැය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන, නියෝජ්‍ය අධ්යක්ෂ එෆ්.එම්.එන්. සුබසිංහ මෙසේ සඳහන් කළේය.
“විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති 1385ක් වෙනුවෙන් රුපියල් මිලියන 1041.76ක ප්‍රතිපාදන අනුමතව තිබුණු අතර, මේ වන විට එම ව්‍යාපෘති සියල්ලේම වැඩ අවසන් කර තිබෙන බවත්, ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 611.03ක් වන අතර, අතැති මුදල රුපියල් මිලියන 57.05 ක් බවත්. වැය කළ රුපියල් මිලියන 54.05 ක මුදල සඳහා, බිල්පත් ලැබීමට නියමිතයි“
“2024 වර්ෂයේ ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 196ක් සඳහා, රුපියල් මිලියන 353.86ක ප්‍රතිපාදන අනුමතව තිබේ. මේ සියලු ව්‍යාපෘතිවල වැඩ මේ වන විට අවසන්ව තිබෙන අතර, මෙම ව්‍යාපෘති සඳහා දැරූ මුළු වියදම රුපියල් මිලියන 278.13කි. අතැති බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 11.46කි. මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 289.59කි. ව්‍යාපෘති සඳහා වැය වූ මුදල අඩු කළාට පසුව රුපියල් මිලියන 64.02ක අත ඉතිරි මුදල මේ වන විට අදාළ අමාත්‍යාංශ වෙත ලබාදී තිබෙනවා.”
“රටේ හැම ව්‍යාපෘතියකම ප්‍රගතිය, ජනතාවට දැනිය යුතුය. ජනතාව සවිබල ගන්වන ව්‍යාපෘතිවල ප්‍රගතිය අනුව, ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු වීමෙන් , අස්වැසුම යටතේ ආධාර ලබාගන්නා සංඛ්‍යාව ඉදිරියේදී අවම විය යුතුය. ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව, මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිනකට ඩෙංගු රෝගීන් 56 දෙනෙකු වාර්තා වන බවත්, ක්ෂය රෝගීන් 980 දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙන බවත්, එසේම ලාදුරු රෝගීන් 31 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.
අස්වැසුම සුභ සාධන ප්රතිලාභ වැඩ සටහනේ ප්‍රගතිය දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන කාංචන ගුණවර්ධන, මෙසේ පැවසුවාය.
“සංක්‍රාන්ති – අවධානයට ලක් වූ – දුප්පත් සහ අන්ත දිළිඳු යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ, අස්වැසුමේ ගෙවීම් සිදු කරන අතර, දෙසැම්බර් මස දෙවෙනි දින කැබිනට් තීරණය පරිදි සංක්‍රාන්ති සහ අවධානයට ලක් වූ ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ලබාදීමට තිබූ කාලය 2025 මාර්තු 31 දිනය දක්වා දිගු කර තිබෙන බවත්, සංක්‍රාන්ති සහ අවධානයට ලක් වූ අයට ලබා දුන් රුපියල් 5000/- මුදල එලෙසම පවතින අතර, දුප්පත් ප්‍රතිලාභීන් සඳහා රුපියල් 8500/- දීමනාව රුපියල් 10,000/- දක්වා වැඩිකළ අතර, අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් කළ රුපියල් 5000 /-දීමනාව රුපියල් 17,500/- දක්වා වැඩිකර තිබෙන බව පැවසීය. තවද, දෙසැම්බර් මස පළවෙනි සතිය වනවිට, නව අයදුම්පත් 27,353ක් සහ දුක් ගැනවිලි 43,031ක් සහ අවධානයට ලක් වූ අයගෙන් අයදුම්පත් 17,987ක් ලැබී තිබෙනවා.
අස්වැසුම වැඩසටහන සම්බන්ධව ගැටලු රාශියක් මතුවී තිබෙන බැවින්, රජයේ දැඩි අවධානය මෙයට ලක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසීය.