බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාවේ සිදු කරන සේවා පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ. මේ බැව් අනාවරණය වූයේ පසුගියදා (13) කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
ඒ අනුව පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන්, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම්පත් සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් ලබාදීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එකඟතාව පළ කර ඇත. නව රජයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට මෙහිදී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කැමැත්ත පළ කර තිබේ.
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අග්නිදිග ආසියාවේ ප්‍රතිපත්ති හා රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන් (Dr Jamal Khan), ඩිජිටල් මහජන යටිතල පහසුකම් අධ්යක්ෂ සංජේ ජේයන් (Sanjay Jain) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.