අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට නාගදීපය හා ඩෙල්ෆ්ට් යන දූපත්වලට බෝට්ටු ගමනාගමනය යළි දැනුම් දෙන තුරු 12 දා සිට නවතා දමා තිබේ.
පීඩන අවපාතය නිසා උතුරු පළාතේ වැඩිම වර්ෂාවක් හා තද සුළඟක් යාපනය පුරා ව්‍යාප්තව ගොස් ඇති අතර ඒ හේතුව මත මුහුද රළු වී තිබේ.
මුහුදේ හැසිරීම ප්රචණ්ඩ නිසා මගී බෝට්ටු ප්‍රවාහනය හා ධීවර බෝට්ටුවල ගමනා ගමන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇත. ඉතා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් සූදානම් කොට තිබේ.
යාපනයට දින හතරක් තිස්සේ මහා වර්ෂාවක් පතිත වෙමින් පවතින අතර බොහෝ පහත් බිම් ජලයෙන් යට වී තිබේ. මේ අතර මේ දිනවල පාසල් නිවාඩු නිසා යාපනයේ සංචාර යොදා ගෙන සිටින පිරිස කාලගුණය පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කරන ලෙසත් යාපනයට පැමිණෙන පිරිස් මුහුදේ හා ජලාශවල විනෝදයට දිය නෑමෙන් වැළකී සිටින ලෙසත් යාපනය දිසාපතිවරයා සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කොට තිබේ.