අපේ ත්‍රිවිධ හමුදාවල ඉදිරි සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව තක්සේරු කළ යුතු යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්රය සඳහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කළ හැකි තාක්ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීමයි. මේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට අප ආරක්ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතුයි” යනුවෙන්ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පෙරේදා (10) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් හමුවේ මේ අදහස් පළ කළේය.
අපගේ මාතෘභූමිය ප්‍රධාන සමුද්‍ර වෙළෙඳ මාර්ගවල සන්ධිස්ථානයක සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇත. මේ උපායමාර්ගික පිහිටීම අතිවිශාල ආර්ථික අවස්ථා ලබාදෙන අතරම, සැලකිය යුතු ආරක්ෂක අභියෝග ද ඉදිරිපත් කරයි. ත්‍රස්තවාදය, කැරලි, සමුද්‍ර මංකොල්ලකෑම් සහ ස්වාභාවික විපත් දක්වා වූ පුළුල් පරාසයක තර්ජනවලට විසඳුම් සෙවීමට අප සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරාල් කපිල දොලගේ විසින් විද්‍යාලය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා පිළිගත් අතර, ඔහුව පාඨමාලා අංක 18 හි ශිෂ්‍ය නිලධාරින් ඇමතීමට Maroon ශාලාව වෙත කැටුව යන ලදි.
මේ අවස්ථාවේදී, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) තම වටිනා දැනුම මේ එක් අවුරුදු මාණ්ඩලික පාඨමාලා විෂය මාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලංකාවේ සහ විදේශීය සන්නද්ධ හමුදාවන්හි තරුණ වෘත්තීය නිලධාරින් සමඟ බෙදාගන්නා ලදි.
එම අවස්ථාව සනිටුහන් කිරීමට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා ආරක්ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.