ඔස්ට්‍රේ­ලි­යානු ගුවන් හමු­දාව පරි­ත්‍යාග කරන බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 නිරී­ක්ෂණ ගුවන් යානය අද නිල වශ­යෙන් භාර දේ

ඔස්ට්‍රේ­ලි­යානු රාජ­කීය ගුවන් හමු­දාව විසින් ශ්‍රී ලංකා­වට පරි­ත්‍යාග කරන බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beachcraft King Air 350) වර්ගයේ නිරී­ක්ෂණ ගුවන් යානය රත්ම­ලාන, ගුවන් හමුදා කඳ­වුරු පරි­ශ්‍රයේ දී අද (12) ශ්‍රී ලංකා ගුවන් හමු­දාව වෙත නිල වශ­යෙන් භාර­දී­මට නිය­මි­තව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ගුවන් ශක්තිය තව­දු­ර­ටත් ඉහළ නංව­මින් ඔස්ට්‍රේ­ලි­යානු රාජ­කීය ගුවන් හමු­දාව විසින් මෙම නිරී­ක්ෂණ ගුවන් යානය පරි­ත්‍යාග කරන අතර ඒ අනුව ගුවන් හමු­දාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අර­මු­ණින් සිදු­ක­රන වැඩ­පි­ළි­වෙ­ළෙහි තවත් සුවි­ශේෂි අව­ස්ථා­වක් ලෙස ඔස්ට්‍රේ­ලි­යානු රාජ­කීය ගුවන් හමු­දාව භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beachcraft King Air 350) වර්ගයේ නිරී­ක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට එක්වන බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පව­සයි.

ඒ අනුව මෙම යානය ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ගුවන් යානා සංචි­ත­යට එක්වන අතර එය ඉදි­රියේ දි ගුවන් හමු­දාට අනු­යු­ක්තව රාජ­කාරි ඇර­ඹී­මට නිය­මිත බවද ගුවන් හමු­දාව සඳ­හන් කරයි. මෙම අව­ස්ථා­වට ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ මහතා එක්වන අතර ඊට අම­ත­රව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ නියෝ­ජිත පිරි­සක් ද එක්වී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේ­ලියා රජය සමඟ තිබෙන සමීප සහ­යෝ­ගි­තා­වයේ සහ හවු­ල්කා­රි­ත්වයේ ශක්ති­ම­ත්භා­වය විදහා දක්ව­මින්, ශ්‍රී ලංකා­වට අයත් මුහුදු කලා­පයේ සමු­ද්‍රීය ආවේ­ක්ෂණ හැකි­යාව වර්ධ­නය කිරීම සඳහා, මෙම Beachcraft King Air 350 වර්ගයේ සමු­ද්‍රීය ආවේ­ක්ෂණ කට­යුතු සඳහා යොදා­ගනු ලබන නිරී­ක්ෂණ ගුවන් යානය ඔස්ට්‍රේ­ලි­යානු රජයේ ප්‍රදා­න­යක් ලෙස මෙර­ටට හිමිවේ.

එම­ඟින් කලා­පය තුළ සිදු­ක­රන සොයා ගැනීම් සහ මුදා ගැනීම්, අන්තර් ජාතික මට්ට­මෙන් සිදු­ක­රන අප­රාධ සහ මිනිස් ජාවා­රම් තුරන් කිරී­මට ආර­ක්ෂි­තව හා සහ­යෝ­ගී­තා­ව­යෙන් කට­යුතු කිරී­මට අව­ස්ථාව සැල­සෙන අතර ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව (Flight Information Region – FIR) හා සුවි­ශේෂී ආර්ථික කලා­පය (Exclusive Economic Zone – EEZ) තුළ මෙම බීච් කින්ග් එයාර් 350 ගුවන් යානය ඵල­දායී ලෙස යොදා ගනි­මින් සමු­ද්‍රීය වසම් දැනු­ම්වත් කිරීමේ (Maritime Domain Awareness – MDA) විෂ­යට අදාළ රාජ­කා­රීන් තව­දු­ර­ටත් පුළුල් කිරීම මෙම­ඟින් සිදු­ක­රයි.

ඊට අම­ත­රව ඉන්දි­යානු සාගර කලා­පය ආශ්‍රි­තව සිදු­වෙ­මින් පව­තින සමු­ද්‍රීය මිනිස් ජාවා­රම අද වන­විට ජාත්‍ය­න්තර මට්ටමේ ප්‍රශ්න­යක් වී ඇති අතර ඒ සඳහා කලා­පීය රට­ව­ල්වල සහ­යෝ­ගි­තා­වය, අන්තර් ජාතික මට්ට­මෙන් සිදු­ක­රනු ලබන මිනිස් ජාවා­රම් මුලින් උපුටා දැමීමේ ක්‍රියා­මාර්ග සාක්ෂාත් කර ගැනී­මට මහඟු පිටු­ව­හ­ලක් වන බව ද ගුවන් හමු­දාව පෙන්වා දෙයි.