2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්ද ඊයේ පවත්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ අමාත්‍යංශ නිලධාරීන් මේ සාකච්ඡා සඳහා එක්ව තිබෙනවා.