වැඩි මිලට සහල් විකිණු වෙළඳසැල්වල⁣ට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50 කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව ඔවුන් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (11) සිට තවත් පුළුල් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.