වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම්

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව, මහල් 06 කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා තිබෙන අතර, පර්චස් 07 බැගින් වෙන්කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ පිළිබඳ සලකා බලා මේ තීරණයට එළැඹි බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.