ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 30 ක මූල්‍ය පහසුකමක්

ලංකා විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීමට එම මූල්‍ය පහසුකම යොදවන බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.

මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකම වන අතර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත්, එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීමත් මෙම වැඩසටහනේ අරමුණ බවයි එම බැංකුව සඳහන් කළේ.

2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.