බැංකු විසින් පරාටේ නීතිය ක්රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය දීර්ඝ කර තිබෙයි.
ලබන වසරේ මාර්තු 31 දක්වා පරාටේ නීතිය ක්රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත.
රාජ්ය හා පෞද්ගලික බැංකු සහ සෙසු රාජ්ය ආයතන ඇතුලු සියලුම පාර්ශවකරුවන්ගේ සක්රීයදායකත්වයෙන් මෙම ගැටලුව විසදීමට ශ්රී ලංකා මහ බැංකුව විසින් යාන්ත්රණයක් සකස් කිරීමට ද යෝජනා වී තිබෙයි.
මීට පෙර දෙසැම්බර් 15 වැනිදා දක්වා පරාටේ නීතිය අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පරාටේ නීතිය ලබන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.