ජර්මනියේ රින්ටෙන් ටවුමේ ජෙරොමින් පවුලේ උදවිය වැඩිම නත්තල් ගස් සැරසිල්ලකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. රින්ටෙන් ටවුමේ තෝමස් ජෙරොමින් සහ සුසේන් යුවළ සිය නිවෙසේ නත්තල් ගස් 605ක් සරසමින් එකම ස්ථානයක සැරසෙන වැඩිම නත්තල් ගස් ප්‍රමාණයේ ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෙරොමින් පවුල වැඩිම නත්තල් ගස් සැරසිල්ලෙන් පසුගිය වසර දක්වා ඔවුන්ගේම ලෝක වාර්තා 6ක් බිඳ දැමූ අතර, මෙවර බිඳ වැටුණේ ඔවුන් පසුගිය වසරේදී නත්තල් ගස් 555ක් සරසමින් තැබූ ලෝක වාර්තාවය.