මෙරටින් හමු වූ විශාල මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොතට එක් වූ බව ලංකා ජෙමලොජිකල් ආයතනයේ ප්‍රධාන රත්නවේදි අශාන් අමරසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ශ්‍රී ලංකාව ඒ කාලේ රත්නදීප නමින් හැඳින්වූවා. රත්නදීප කියන්නේ මැණික් බහුල මහද්වීපයක් කියන එකයි. ලෝකයේ දැනට මැණික් වර්ග දෙසීයක් විතර හම්බවෙනවා.එයින් ශ්‍රී ලංකාවට සුවිශේෂී මැණික් වර්ග 75ක් පමණ තිබෙනවා. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ මැණික් ලැබෙන රටක්.
මීට අවුරුද්දකට පෙර පුද්ගලයෙක් මැණික් ගල් දෙකක් ගෙනල්ලා සහතිකයක් ඉල්ලුවා. එක මැණික් ගලක් කැරට් 54ක් තිබ්බා. ඒ මැණික් ගල් දෙකම විශාලයි. අපි මේ සම්බන්ධව හෙව්වා. ලෝකයේ දැනට ලැබුණු ඒ වර්ගයේ ලොකුම මැණික් ගල් දෙක විදිහට ඒ ගල් දෙක හඳුනගන්න ලැබුණා. ඒක ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්.
මේහි හිමිකරුට වුවමනාව තිබ්බේ මැණික් ගල් දෙක අලෙවි කිරීමට වඩා ඒහා ගිහින් වර්තාවක් තියන්න. ඒ අනුව මැණික් ගල් දෙක ගිනස් වාර්තා සඳහා යොමු කළා. දැනට ඒ වර්ගයේ ලෝකයේ ලොකුම මැණික් ගල් දෙක බවට තහවුරු වී තියෙනවා.
එක ගලක් (black star sapphire) බ්ලැක් ස්ටාර් සෆායාවර්ගයේ මැණික් ගලක්. එහි බරකැරට් 3621.35ක්.
අනිත් මැණික් ගල කැට්ස් අයි (cats eye green beryl) වර්ගයේ. එහි බර කැරට් 854.95ක්.
මේ මැණික් ගල් ඩොලර් මිලියන 500කට අධික මුදලකට වටිනාකමක් හිමි වෙනවා. මේ මැණික් ගල්වල හිමිකරු නිර්නාමිකව ඉන්න තමයි ඔහුගේ කැමැත්ත.