හිටපු මැති ඇමැ­තිලා බාර් ලයි­සන් 361ක් බෙදලා-නම් ලැයිස්තුවත් එළි­යට

මේ වසරේ (2024) ජන­වාරි 1 වැනිදා සිට මේ දක්වා සුරා­සල් බල­පත් 361ක් දී ඇතැයි සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) අනාවරණය කළේය.

වයින් ස්ටෝස් හෙවත් එෆ්.එල්. නම් වූ බල­පත්‍ර 172ක් ඒ අතර ඇති බව ද සභා­නා­ය­ක­ව­රයා පැවසීය.

සභා­නා­යක, අමාත්‍ය බිමල් රත්නා­යක මහතා මේ බව සඳ­හන් කළේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පසු­ගි­යදා ඉදි­රි­පත් කරන ලද ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­ද­යේදී ඊයේ (04) අද­හස් දක්ව­මිනි.

පක්ෂ මාරු කිරීම සඳහා දේශ­පා­ලන අල්ලස් වශ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මේවා යොදා ගත් බව ද සභා­නා­ය­ක­ව­රයා අව­ධා­ර­ණය කළේය.

සුරා­සල් බල­පත්‍ර ලබාදී ඇති නාම ලේඛ­නය පොදු මහ­ජ­න­තා­වගේ හා මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ දැන ගැනීම සඳහා සභා­ගත කරන බව ද සභා­නා­ය­ක­ව­රයා පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නා­යක මහතා සඳ­හන් කළේ මෙම කාලය තුළ බස්නා­හිර පළාත තුළ බල­පත්‍ර 110ක් ලබා දී ඇති බවයි.

එමෙන්ම දකුණු පළාත තුළ බල­පත්‍ර 48ක්, උතුරු පළාතේ බල­පත්‍ර 32ක්, නැඟෙ­න­හිර පළාතේ බල­පත්‍ර 22ක්, මධ්‍යම පළාතේ බල­පත්‍ර 45ක් ආදි වශ­යෙන් ලබා දී ඇති බවයි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­නා­යක බිමල් රත්නා­යක මහතා,

“මත්පැන් බල­පත්‍ර සම්බන්ධ තොර­තුරු සභා­ගත කරන බව මාධ්‍ය ප්‍රකා­ශක අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ නිසා මම එම තොර­තුරු ඉදි­රි­පත් කර­නවා. ජනා­ධි­පති කාර්යා­ලය මඟින් මුදල් අමා­ත්‍යාං­ශය නියෝ­ජ­නය කර­මින් ලබාදී තිබෙ­නවා, නව සුරා­බදු බල­පත්‍ර ලබා­දීම 2024 ජන­වාරි 01 වැනි­දා­යින් පසුව නිකුත් කර ඇති වාර්තා­වක් මා වෙත නිකුත් කරන මෙන් දන්වමි.

එසේම නැවත දැනුම් දෙන­තුරු කිසිම බල­ප­ත්‍ර­යක් නිකුත් නොක­රන ලෙසත් ජනා­ධි­පති ලේක­ම්ව­රයා විසින් දැනුම් දී තිබෙ­නවා. පසු­ගිය ඔක්තෝ­බර් 22 වැනිදා මුදල් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා වෙත යොමු කර ඇති ලිපි­යයි ඒ. කරුණු කිහි­ප­යක් මේ සභාවේ අව­ධා­න­යට යොමු කර­නවා.

මෙම කාලය තුළදී බස්නා­හිර පළාත තුළ මුළු බල­පත්‍ර සංඛ්‍යාව 110ක්, දකුණු පළාත තුළ 48ක්, උතුරු පළාතේ 32ක්, නැඟෙ­න­හිර පළාතේ 22ක්, මධ්‍යම පළාතේ 45ක්, උතුරු මැද පළාතේ 14ක්, වයඹ පළාතේ 30ක්, ඌව පළාතේ 30ක්, සබ­ර­ග­මුව පළාතේ 30ක් යනාදි වශ­යෙන් සමස්ත බල­පත්‍ර 361ක් මෙම කාලය තුළදී ලබා දී තිබෙ­නවා. මේ වයින් සිල්ලර වයින් ස්ටෝස් කියන එකට අයිති වන්නේ එෆ්.එල්. 4 කියන බල­පත්‍ර. එවැනි බල­පත්‍ර ලබා දී තිබෙ­නවා මෙම කාලය තුළදී 172ක්.

කොළඹ 22ක්, ගම්පහ 18ක්, කළු­තර 08ක්, ගාල්ල 09ක්, මාතර 05ක්, හම්බ­න්තොට 05ක්, යාප­නය 05ක්, කිලි­නො­ච්චිය 16ක්, මුල­තිව් නැහැ, වවු­නි­යාව 02ක්, මන්නා­රම 02ක්, ත්‍රිකු­ණා­ම­ලය 04ක්, මඩ­ක­ල­පුව 01ක්, අම්පාර 05ක්, මහ­නු­වර 11ක්, මාතලේ 06ක්, නුව­ර­එ­ළිය 08ක්, අනු­රා­ධ­පුර 04ක්, පොලො­න්න­රුව 03ක්, පුත්ත­ලම 06ක්, කුරු­ණෑ­ගල 08ක්, බදුල්ල 09ක්, මොන­රා­ගල 07ක්, රත්න­පුර 06ක්, කෑගල්ල 02ක්. ඒ අනුව එෆ්.එල්. 04 කියන බල­පත්‍ර 172ක් තිබෙ­නවා.

මේ බල­ප­ත්‍ර­ව­ලින් තමයි මන්ත්‍රී­ව­රුන්ගේ නමුත් වෙනස් වුණේ බාර්තුමා කියලා. ඒ වගේම මීට අදාළ නාම ලේඛ­නය මම සභා­ගත කර­නවා. ජන­තා­වට වගේම මන්ත්‍රී­ව­රුන්ට දැන­ග­න්නත් පුළු­වන්. මේවා දේශ­පා­ලන අල්ලස් වශ­යෙන් පක්ෂ මාරු කරන්න පාවිච්චි කරා කියන එකත් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් කියන එක ප්‍රකාශ කරන්න කැම­තියි.

පාර්ලි­මේ­න්තුවේ මට්ටම උසස් කිරීම සඳහා සාධ­නීය ආකා­ර­යෙන් මෙම විවා­දය පව­ත්වා­ගෙන යෑමට අපට හැකි වුණා. ඒ වගේම නවක මන්ත්‍රී­ව­රුන් වශ­යෙන් පාර්ලි­මේ­න්තු­වට පැමිණි බොහෝ දෙනෙක් සාධ­නීය ලෙස අද­හස් ඉදි­රි­පත් කළා. අපේ රටේ ජන­තාව පාර්ලි­මේ­න්තුව හෙළා දැකපු යුග­යක් තිබුණේ. නමුත් පසු­ගිය කාලේ තිබුණු රස්ති­යාදු ගතිය මේ පාර්ලි­මේ­න්තුවේ දකි­න්නට ලැබුණේ නැහැ. අපි විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රී­ව­ර­යකු හෙළා­දැක්කේ නැහැ” යැයි ද කීවේය.

හිටපු ඇමැ­ති­ව­රුන්ගේ නිර්දේශ මත එසේ මත්පැන් බල­පත්‍ර ලබා­ගත් අය­ගෙන් කොට­සක් මෙසේය.

බස්නා­හිර පළාතේ කොළඹ දිස්ත්‍රි­ක්කය

ජැෆ්නා ස්ප්‍රීට් (ප්‍රියි­වට්) කොස්වත්ත, කළ­ප­ළු­වාව

සෙරින් බ්‍රිජ් රිසෝට් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්.

හයි­ලෙ­වල් පාර, වට­රැක, පාදුක්ක

පී.ඩබ්ලිව්. රංජිත් ධර්ම­කීර්ති.

ලාල් ෆාමසි, වැලි­මඩ

සියාකා සුපර් සෙන්ටර් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්.

ජාලි­ය­ගොඩ, පිළි­ය­න්දල

මරීනෝ පබ් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්,

බිම්ම­හල, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3.

වඩුගේ දොන් චන්ද්‍ර­සිරි

තුන්තාන, හංවැල්ල.

මායා හෝල්ඩින්ග්ස්, ප්‍රයි­වට ලිමි­ටඩ්

ග්‍රීන් ලංකා ටවර්ස, පළමු මහල, නවම් මාවත, කොළඹ 2.

මොර­කන්ද ගමගේ සුනිල්, පාසල් මාවත, මහ­ර­ගම.

සුන්ද­ර­ලිං­ගම් මංගල දර්ශන්,

පහළ රජ­වී­දිය, බදුල්ල.

දොන් නුවන් සමීර අත්ත­නා­යක

කුඩා මාදුව, සිද්ධ­මුල්ල, පිළි­ය­න්දල.

පිටි­ගල මුහ­න්දි­ර­ම්ලාගේ ජය­සු­න්දර,

පහළ රජ­වී­දිය, පිළි­ය­න්දල‍.

පර­කැ­ට­ඇ­ලලේ වත්තේ­ගෙ­දර රංජිත් ධර්ම­කීර්ති

ලාල් ෆාමසි, වැලි­මඩ.

ද ස්ප්‍රිට් මර්චන්ට් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්,

ගාලු පාර, මස්සල, බේරු­වල.

සිලෝන් ලිකර් හෝල්ඩින්ග්ස්,

සඟබෝ මාවත, වන ගල­වි­ල­වත්ත, හෝමා­ගම.

සී.ඊ.සී.ඇග්‍රෝ (ප්‍රයි­වට්) නාවල පාර, රාජ­ගි­රිය.

ජය­ස­වින් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්, බණ්ඩා­ර­වත්ත, හීන­ටි­කු­ඹුර,

තලං­ගම උතුර, බත්ත­ර­මුල්ල.

මෙගා විට්ක­ල්චර් (ප්‍රයි­වට්) දුටු­ගැ­මුණු වීදිය, කොළඹ 6.

ද ලිකර් කම්පැණි (ප්‍රයි­වට්) ලිමි­ටඩ් කළු­තර පාර,
බණ්ඩා­ර­ගම,

සිංහාර ෂෙහාන් තරුෂ සිල්වා, ජය­දු­ම­නා­රාම පාර, රත්ම­ලාන,

ඒෂියා පැසි­ෆික් රිටේ­ලර්ස් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්, පහළ

රජ­වී­දිය, බදුල්ල.

වික්ටෝ­රියා ඇන්ඩ් සන්ස් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්, ඕල්කට් මාවත,

කොළඹ 11.

ෆලෙ­ක්සිකෝ වෙන­චර්ස් පුද්ග­ලික සමා­ගම,

අංග­ම්පි­ටිය පාර, ඇතු­ල්කෝට්ටේ.