සයි­බර් ආර­ක්ෂාව ගැන රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මක් ත්‍රිකු­ණා­ම­ල­යේදී

සයි­බර් ආර­ක්ෂාව පිළි­බ­ඳව රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය සංවි­ධාන කළ වැඩ­ස­ට­හ­නක් ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (03) පැවැ­ත්විණි.මේ වැඩ­ස­ට­හ­නේදී ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් රාජ්‍ය නිල­ධා­රීන් වෙත සයි­බර් ආර­ක්ෂණ රාජ්‍ය ප්‍රති­ප­ත්තිය හඳු­න්වා­දීම ද සිදු කෙරුණු අතර අන්ත­ර්ජා­ලය පරි­හ­ර­ණ­යේදී සයි­බර් ආර­ක්ෂාව තහ­වුරු කර ගන්නා ආකා­රය පිළි­බ­ඳ­වද දැනු­ම්ව­ත්භා­වය ලබා­දීම සිදු විය.

ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය මෙන්ම ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය සමඟ රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබූ අතර ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටි­ආ­රච් මහතා මේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි විය.

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් සහ තොර­තුරු ආර­ක්ෂණ නිල­ධා­රීන් රැසක්ද මේ වැඩ­ස­ට­හ­නට සහ­භාගි වූහ.