සමාජ මාධ්‍ය­වල පළ වුණේ මහ­විරු සැම­රු­ම්වල පරණ ඡායා­රූප-ඇමැති ආනන්ද විජේ­පාල

උතුරේ මහ­විරු සැම­රුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය කර ඇත්තේ පසු­ගිය වස­ර­වල වෙනත් රට­ව­ලදී සිදු කළ උත්ස­ව­වල ඡායා­රූප බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

පසු­ගිය වස­ර­වල විදෙස් රට­වල පැවති යම් යම් සිද්ධි අන්ත­ර්ජා­ල­යෙන් බාගත කර­ගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දය සම්බන්ධ ප්‍රචා­රක ව්‍යාපෘ­ති­යක් දියත් කර ඇත්තේ පරා­ජිත බංකො­ලොත් දේශ­පා­ලන කණ්ඩා­ය­මක් බවත් දැනට ඒ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් 04 දෙනා­ගෙන් දෙදෙ­නකු සිලි­න්ඩ­රය ලකුණේ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යන් බවත් මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා පැව­සීය.

බොර­ලැ­ස්ග­මු­වේදී අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා සිලි­න්ඩ­රය ලකු­ණින් නාම­යෝ­ජනා ලැබ මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කළ පුද්ග­ල­යකු බව ද ඔහු හෙළි­ද­රව් කළේය.

අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මිනි.

තමන්ගේ දරුවා, මිය­ගිය ඥාතියා සැම­රීම සඳහා රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට ඇති අයි­ති­යට ගරු කර­මින් උතුරේ මිය­ගිය පුද්ග­ල­යන් සැම­රීම සඳහා අව­සර ලබා දුන්නත් ඒ හරහා එල්.ටී.ටී.ඊ සංවි­ධා­නය ප්‍රව­ර්ධ­නය කරන සංකේත, ඡායා­රූප යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් රජය රටේ නීතිය ක්‍රියා­ත්මක කළ බව කී මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා මේ පුද්ග­ල­යන් උතුරේ පැව­තියේ යැයි පළ කළ වීඩියෝ දර්ශන උතුරු නැඟෙ­න­හිර පළාතේ නොව, රටේ­වත් සිදු නොවුණු ඒවා බව ද පැව­සීය.

එමෙන්ම ගල්ග­මුව ප්‍රදේ­ශයේ ඇහැ­ටු­වැ­වදී තමන් සිදු­කළ ප්‍රකා­ශ­යක් චේත­නා­න්වි­තව සාවද්‍ය ලෙස ප්‍රකා­ශ­යට පත් කර තිබූ ජාතික පුව­ත්ප­තට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළ බව කී ඇමැ­ති­ව­රයා ඒ සම්බ­න්ධව විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව ද අනා­ව­ර­ණය කළේය.

මේ අතර උතුරේ එක් පුද්ග­ල­යකු ඉන්නවා. බද්දේ­ගම පදිංචි පුද්ග­ල­යෙක් ඉහත චෝදනා යටතේ නොවැ­ම්බර් 29 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන දෙසැ­ම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබෙ­නවා. මීට අම­ත­රව විදෙස් රට­වල ඡායා­රූප යාප­නයේ පැවැත්වූ බවට පෙන්ව­මින් ජන­තාව නොමඟ යැවී­මට කට­යුතු කළ මර­දාන ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන මේ වන විට ඇප මත මුදා­හැර තිබෙ­නවා. ඊළ­ඟට බොර­ලැ­ස්ග­මුව ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා අද දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළා. ඔහු දකුණේ සිලි­න්ඩ­රයේ ලකු­ණින් ඡන්දය ඉල්ලූ පුද්ග­ල­යෙක්. ඔවුන් සංවි­ධා­නා­ත්ම­කව රජය අප­හ­සු­තා­වට පත්කි­රීමේ අර­මු­ණින්, උතුර – දකුණ නැවත ගැටු­ම­කට පසු­බිම සකස් කිරීමේ ව්‍යාපා­ර­යක නිරත වී ඇති බවට අපිට හඳු­නා­ගන්න පුළු­වන් ඔවුන්ගේ වෛරීය ප්‍රකාශ හරහා. විශේ­ෂ­යෙන්ම අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් දෙදෙ­න­කුම සිලි­න්ඩරේ ලකු­ණින් ක්‍රියා­කා­රීන් විදි­යට ඉන්නවා. මේ ගැන විම­ර්ශ­න­යක් කළා සමාජ මාධ්‍ය හරහා මේවා වැඩි වශ­යෙන් ප්‍රචා­රය කළේ කවුද කියලා. බොහෝ දේශ­පා­ලන කණ්ඩා­යම් මේවාට සම්බන්ධ බවට තොර­තුරු තියෙ­නවා.”යැයි ද හෙතෙම වැඩි­දු­ර­ටත් කීවේය.