ශ්‍රී ලංකා තර­ගය නිසා මාක්‍රම්ගේ තැන ක්ලාසෙන්ට

පාකි­ස්තා­න­යට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යේදී දකුණු අප්‍රි­කානු පිලේ නාය­ක­ත්ව­යට කඩුලු රකින පිති­කරු හෙන්රිච් ක්ලාසෙන් නම් කර තිබේ. ඔහු විස්සයි20 නාය­ක­ත්ව­යට පත් කර ඇත්තේ විස්සයි20 පිලේ නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් මේ දින­වල ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන ටෙස්ට් තර­ග­මා­ලා­වට එක්වී සිටින බැවිනි.

ශ්‍රී ලංකා­වට එරෙහි ටෙස්ට් තර­ග­මා­ලාව සහ පාකි­ස්තා­න­යට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලිය අතර විවේ­කය එක් දින­කට පම­ණක් සීමා වන බැවින් ටෙස්ට් පිලට ඇතු­ළත්ව සිටින මාර්කෝ ජැන්සෙන්, කේෂව් මහ­රාජ්, කගීසෝ රබාඩා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ද විස්සයි20 පිලට එක් නොවන බව වාර්තා වේ.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවැනි හා අව­සන් ටෙස්ට් තර­ගය දින 5ක් දක්වා ඇදී යන්නේ නම් එය නිමා­වට පත්වී­මට නිය­මි­තව ඇත්තේ දෙසැ­ම්බර් 9 වැනිදා වන අතර, පාකි­ස්තා­න­යට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලිය ආර­ම්භ­වී­මට නිය­මි­තව ඇත්තේ දෙසැ­ම්බර් 10 වැනි­දාය.