වසර 105කට පසු ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට

වසර 105කට පසු ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට පැමිණි ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ලෙස වඩි­ගල සමි­ත­රත්න හිමි­යන් විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­නය මඟින් පසු­ගි­යදා හර­ස­රින් පිළි­ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔක්ස්ෆර්ඩ් දෙඅං­ශ­ය­ටම ඓති­හා­සික සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් උන්ව­හන්සේ එහි දර්ශ­න­පති උපා­ධි­යක් හදා­ර­මින් සිටිති.

ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වරට අධ්‍යා­ප­නය ලද ශ්‍රී ලාංකික භික්ෂුව වන්නේ 1919 දී ශිෂ්‍ය­ත්ව­යක් ලබා එම විශ්ව­වි­ද්‍යා­ල­යට තේරී පත් වූ සූරි­ය­ගොඩ සුමං­ගල ස්වාමීන් වහ­න්සේය.

විශ්ව­වි­ද්‍යා­ල­යට බඳවා ගැනීම ගැන සිහි­පත් කර­මින් සමි­ත­ර­තන ස්වාමීන් වහන්සේ පැවැ­සුවේ තම ශාස්ත්‍රීය ගම­නට අත­හිත දුන් සැමට කෘත­ඥ­තාව පළ කරන බවයි.