මහ පරිමාණයේ බැංකු මූල්‍ය වංචාවට වරදකරු වූ වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධිකරණයක් විසින් නියම කරනු ලැබූ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් වූ ඇපෑල අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වියට්නාමයේ දේපළ වෙළෙඳ සමාගමක හිමිකාරිනිය වන 68 හැවිදිරි ට්‍රෘං මෙයි වසර ගණනාවක් පුරා ව්‍යාජ ණය අයැදුම්පත් ඉදිරිපත් කරමින් එරට ප්‍රමුඛතම බැංකුවකින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ණය ලබා ඇති අතර, එය ලොව විශාලතම බැංකු මූල්‍ය වංචාව ලෙස වාර්තා වේ.
වියට්නාමයේ නීතියට අනුව ලබාගත් ණය මුදලෙන් 75% ක් නැවත ගෙවීමට හැකි නම් ඇයට සිය මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කරගැනීමට අවස්ථාව ඇති අතර, එය නැවත ගෙවීමේ හැකියාව සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය සමඟ ඇගේ සැමියා සහ තවත් පුද්ගලයන් 82කට වැඩි පිරිසක් එම නඩුවේ විත්තිකරුවන් බවට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.