ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුව ලයනල් මෙසී ආජෙන්ටිනාවේ ඉහළම ධනවතුන් 50 දෙනගේ ලැයිස්තුවට ඇතුළත්වී සිටී. එරට ජාතික කණ්ඩායමේ නායකයා ද වන මෙසීගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 950ක් වන බව සුප්‍රකට ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
ආජෙන්ටිනාවේ ඉහළම ධනවතුන් 50 දෙනා අතර සිටින එකම ක්‍රීඩකයා ද මෙසී වන අතර, ඔහුගේ පියා විසින් මෙහෙයවනු ලබන පවුලේ ව්‍යාපාර අතර රෝහල්වල ආයෝජන, දේපළ වෙළෙඳාම සහ මොස්තර නිර්මාණ ක්ෂේත්රය ද ඇතුළත්ය.