බදුල්ල ප්රධාන බස් නැවතුම් පොල ආසන්නයේ තිබු විදුලි රැහැන් පද්ධතියක අද (5) දින පෙරවරු හදිසි ගින්නක් හට ගත් බව මහ නගරසභා ගිනි නිවිම් ඒකකය පවසයි.
එම විදුලි රැහැන් කණුවේ ඉහල කොටසේ මෙම ගින්න හට ගැනීමත් සමග විදුලි බල මණ්ඩලය හා ගිනි නිවිම් ඒකකය එක්ව ගින්න පැතිරයාමට නොදි මැඩ පැවැත්වීමට කටයුතු කෙරිණි.
විදුලි කණුව ඉහළ රැහැන් ඇදිමට උපයෝගි කර ගෙන ඇති ප්ලාස්ටික් ආධාරක කොටසක විදුලි රැහැනක පළුදු වු කොටසක් ගැටීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇති බව විදුලි බල මණ්ඩලයේ සේවකයින් පැවසීය.