බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ට සහාය පළ කරමින් කැනඩාවේ මොන්ට්‍රියල් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස අන්තර්වාර රජයට බලපෑම් කරන්නැයි කැනඩාවේ රජයෙන් ඉල්ලා සිටීම සඳහා එම විරෝධතාව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් ආරක්ෂා කරන ලෙස සඳහන් පූවරු ප්‍රදර්ශනය කරමින් පැවැති එම විරෝධතාවට කැනඩාවේ පදිංචි හින්දු ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වී ඇති බවත්, හිංසනයට ලක්වූ බංග්ලාදේශ හින්දු ජාතිකයන්ට යුක්තිය ඉටු කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම විරෝධතාවට කැනඩාවේ කන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයකු වන නීල් ඔබර්මන් ද සහභාගි වී ඇති අතර, තමා බංග්ලාදේශයේ විරුද්ධවාදියකු නොව මිතුරකු වුවත් ලොව කිසිදු රටක හිංසනය පිළිගත නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බව කියමින් බංග්ලාදේශයේ පොලිසිය පසුගියදා එරට හින්දු ආගමික නායකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.