බංග්ලා­දේ­ශයේ අර්බුද මැද ශකීබ් ලංකා­වට එයි

බංග්ලා­දේශ තුන් ඉරි­යව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වී­මට නිය­මිත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක් නොකිරීමෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා­වේදී පළමු වරට පැවැ­ත්වී­මට නිය­මිත ‘ලංකා ටී10’ තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අර­මු­ණින් ශකීබ් මෙලෙස කොදෙව් එක්දින තර­ගා­ව­ලි­යට එක් නොවී­මට තීර­ණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට අබු­ඩා­බියේ පැවැ­ත්වෙන ටී10 තර­ගා­ව­ලියේ බංග්ලා ටයි­ගර්ස් පිල නියෝ­ජ­නය කරන ශකීබ් ‘ලංකා ටී10’ තර­ගා­ව­ලි­යේදී ගෝල් මාර්වල්ස් පිලට ක්‍රීඩා කිරී­මට නිය­මි­තය.

අව­සන් වරට පැවති බංග්ලා­දේ­ශය සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර එක්දින තර­ගා­ව­ලි­ය­ටත් ශකීබ් එක් නොවූ අතර, කෙසේ වෙතත් ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී යළි බංග්ලා­දේශ කණ්ඩා­ය­මට එක්වීම ඔහුගේ බලා­පො­රො­ත්තුව වී ඇත.

‘ලංකා ටී10’ තර­ගා­ව­ලිය මේ මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩා­යම් 6කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මිත අතර තරග 3කින් සම­න්විත කොදෙව් – බංග්ලා­දේශ එක්දින තර­ගා­ව­ලිය ලබන 8 වැනිදා ආරම්භ වීමට නිය­මි­තය.