පුරා­වස්තු කැණීම් කළොත් දැඩි දඬු­වම්-පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්

පුරා­වස්තු සෙවීමේ අර­මු­ණින් හෝ ඒවා විනාශ කිරීමේ අර­මු­ණින් සිදු කරන ඕනෑම කට­යු­ත්ත­කට තරා­ති­රම නොබලා දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බව පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පැව­සීය.

බල­පත්‍ර ලබා­ගෙන ඕනෑම පුද්ග­ල­ය­කුට කැණීම් සිදු කළ හැකි බවට හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සිදු කළ ප්‍රකා­ශය පිළි­බඳ වග­වී­මක් ගත නොහැකි බවත් තමන්ගේ පෞද්ග­ලික ඉඩ­මක හෝ නිවෙසේ හෝ කැණීම් කිරී­මට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වශ­යෙන් කිසිදු බල­ප­ත්‍ර­යක් නිකුත් නොක­රන බවත් පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

වේය­න්ගොඩ ආන්දෝ­ල­නා­ත්මක නිදන් හෑරීම සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කිරීම සඳහා ඊයේ (04) පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති මාධ්‍ය හමු­ව­කදී පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේ ශ්‍රී ලංකාවේ සමස්ත භූමිය තුළ පුද්ගල සන්ත­කයේ හෝ ඉඩ­මක් තුළ හෝ කොතැන හෝ තිබෙන ඕනෑම පුරා­ව­ස්තු­වක් රජය සතු බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මෙසේ ද කීය.

වේය­න්ගොඩ නිදන් හෑරී­මක් සම්බ­න්ධ­යෙන් පසු­ගිය දව­ස්වල ආන්දෝ­ල­න­යක් ඇති වුණා. මේ නඩු­වට අපි පෙනී සිටියා. මහේ­ස්ත්‍රා­ත්ව­රයා කිසිම අව­ස්ථා­වක නිදන් හාරන්න කියලා නියෝ­ග­යක් දුන්නේ නැහැ. ඇත්ත­ටම මේ සිද්ධි­යට පාදක වුණේ මේ ස්ථානය දිගින් දිග­ටම නිදන් හොරුන්ගේ ග්‍රහ­ණ­යට ලක් වීමයි. මෑත කාලයේ අධි­වේගී මාර්ගය හැදු­වට පස්සේ අදාළ සැප­යුම් මාර්ගය තුළ මේ නිදන් හැරීම සම්බ­න්ධව මාස තුනක් වගේ කෙටි කාල­යක් තුළ නඩු හත­රක් විතර ඇවිල්ලා තියෙ­නවා. එක නඩු­වක පොදු දේපළ පනත යටතේ අධි­වේගී මාර්ගයේ අලා­භය ලක්ෂ­ය­කට වැඩියි. අව­සාන නඩුවේ අධි­වේගි මාර්ගයේ නිදන් හෑරීම නිසා සිදුවූ අලා­භය ලක්ෂ විසි හයක්.

දිගින් දිගට හාර­න­කොට විශේ­ෂ­යෙන් රජයේ දේපළ අව­භා­විත කිරී­මක් සිදු­වෙ­නවා. මේ පිළි­බඳ අධි­ක­ර­ණය අපෙන් වාර්තා­වක් කැඳ­වූවා. මේ ස්ථානයේ කිසිදු පුරා­විද්‍යා සාධ­ක­යක් නැති බවට අපි වාර්තා­වක් දුන්නා. ඒ අනුව විශේෂ කාර්ය බළ­කා­යෙන් මේ ස්ථානය ස්කෑන් පරී­ක්ෂ­ණ­ය­කට ලක් කරන්න පිය­වර ගත්තා. එම වාර්තාවේ පැහැ­දි­ලිව දක්වා තිබුණා මීටර් අට­කට පහ­ළින් වර්ණ මිශ්‍රිත ලෝහ­යක් තිබෙ­නවා කියලා. ඒ වාර්තාව සම්බ­න්ධ­යෙන් පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ නිරී­ක්ෂණ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලුවා. මෙය මානව ක්‍රියා­කා­ර­ක­ම­කින් ඇති වූ ලෝහ­යක් නොවන බව අපි දැනුම් දුන්නා. පොළො­වේම හැදුණු ඛනිජ ස්ථර­යක් හෝ ලෝහ­යක් වෙන්න පුළු­වන් කියලා අපි වාර්තාවේ සඳ­හන් කර තිබෙ­නවා. ඒ අනුව අධි­ක­ර­ණය නියෝග කළා මෙය කැණීම් කර පරීක්‍ෂා කර බලා තොර­තුරු ලබා දෙන්න කියලා.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් දෙදෙ­නකු රස පරී­ක්ෂක නිල­ධා­රීන් දෙදෙ­නකු, ග්‍රාම නිල­ධාරී මහ­ත්වරු, විශේෂ කාර්ය බළ­කාය සහ පොලී­සිය සහ­භා­ගි­ත්ව­යෙන් මහ­ජ­න­තාව ඉදි­රියේ විවෘත හෑරී­මක් කරන්න අධි­ක­ර­ණය තීන්දු කළා. එය නිදන් හෑරීමේ අද­හ­සින් දීපු නියෝ­ග­යක් නෙවෙයි. යම් කිසි ලෝහ­යක් තියෙ­නවා කියලා විශේෂ කාර්ය බළ­කා­යෙන් ලබා­දීපු නිර්දේ­ශය තහ­වුරු කර ගන්නයි මේ හෑරීම සිදු කළේ. නමුත් සමාජ මාධ්‍ය­ව­ලින් මුළු රටේම ණය ගෙවන්න පුළු­වන් නිදා­න­යක් තියෙ­නවා කිය­ලයි වාර්තා වුණේ. එය දිගින් දිග­ටම ආන්දෝ­ල­නා­ත්මක ලෙස ප්‍රචා­රය වුණා.

ප්‍රාග් ඉති­හා­සයේ සිට නූතන මහ­නු­වර යුගය දක්වා තොර­තුරු අධ්‍ය­ය­නය කිරීම සඳහා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කැණීම් සහ පර්යේ­ෂණ කර­නවා. ඒ අර­මු­ණෙන් බැහැ­රව කොයිම වෙලා­ව­ක­වත් යම්කිසි ලේඛ­න­යක තිබෙන නිදන් කියන වච­නය හොයා­ගෙන අපි කැණීම් කරන්නේ නැහැ. එහෙම කැණීම් කරන්න පුරා­වි­ද්‍යාඥ පනතේ නිදන් කියලා වච­න­ය­කුත් නැහැ. එහි තියෙන්නේ පුරා­වස්තු කියන වච­නය විත­රයි. මේ මිථ්‍යාව මහ­ජ­න­තා­වට පැහැ­දිලි කළ යුතුයි. නිදන් වදුල සම්බ­න්ධ­යෙන් සමා­ජයේ පැති­රිලා තියෙන මත­වා­දය වැර­දියි. එම ලේඛ­නයේ දිනය තියෙන්නේ 1890. මේ ලේඛ­නයේ පද­නම් වූ මිථ්‍යා­මය තොර­තුරු සොයා­ගෙන ගිහිල්ලා අපේ රටේ සෑම ප්‍රදේ­ශ­ය­කම විශාල පුරා­වස්තු විනා­ශ­යක් සිදු කරලා තියෙ­නවා.

ශ්‍රී ලංකාවේ සමස්ත භූමිය තුළ පුද්ගල සන්ත­කයේ හෝ ඉඩ­මක් තුළ හෝ කොතැන හෝ තිබෙන ඕනෑම පුරා­ව­ස්තු­වක් රජය සතුයි. එය පුරා­විද්‍යා ආඥා­ප­නතේ තුන්වැනි වග­න්තියේ පැහැ­දි­ලිව සට­හන් කර තිබෙ­නවා. ඒ නිසා කිසි­ව­කුට පුරා­වස්තු සෙවීමේ අර­මු­ණින් කොහෙ­වත් කැණීම් කරන්න බල­යක් නැහැ. එහි සම්පූර්ණ අධි­කා­රී­මය බලය තියෙන්නේ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට පම­ණයි. කැණීම් කට­යුතු සිදු කරන්නේ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ සම්පූර්ණ බල­තල යටතේ.