ජාත්‍ය­න්තර නාවික අභ්‍යා­ස­මා­ලා­ව­කට පාකි­ස්තා­නයට රට­වල් 3කින් මුර යාත්‍රා

මුහුදු කලාප ඇතු­ළත සිදු­වන ත්‍රස්ත­වා­දය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට එරෙ­හිව කලා­පීය සහ­යෝ­ගිතාව වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පාකි­ස්තා­නයේ නාවික හමු­දාව විසින් වසර දෙක­කට වරක් පව­ත්වනු ලබන අමාන් නාවික හමුදා අභ්‍යාස ඉලක්ක කර­මින් රට­වල් තුන­කින් වෙර­ළා­ර­ක්ෂක මුර යාත්‍රා ආන­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය, රුමේ­නි­යාව සහ තුර්කිය යන රට­ව­ලින් ආන­ය­නය කරනු ලැබු එම මුර යාත්‍රා එම හමුදා අභ්‍යාස සඳහා භාවිත කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මීට අම­ත­රව අභ්‍යා­ස­මා­ලාව ඉලක්ක කර­මින් තවත් යාත්‍රා දෙකක් ද පාකි­ස්තානය තුළ ඉදි කිරී­මට පිය­වර ගෙන ඇති බවත්, රට­වල් 50කට වැඩි ප්‍රමා­ණ­යක නාවික හමුදා සහ­භාගිවීමට නිය­මිත එම අභ්‍යා­ස­මා­ලාව ලබන වසරේ පෙබ­ර­වාරි මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මිත බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 2007 දී පළ­මු­ව­රට ආරම්භ කරනු ලැබූ අමාන් නාවික හමුදා අභ්‍යා­ස­මා­ලාව අරාබි මුහුදේ විවිධ නීති­වි­රෝධී කට­යුතු, මුහුදු කොල්ල­කෑම් වැනි තර්ජන මැඬ පැවැ­ත්වීම සඳහා කලා­පයේ රට­වල් සමඟ අත්දැ­කීම් හුව­මාරු කර­ගැ­නී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කර ඇතැයි ද,  අභ්‍යා­ස­මා­ලා­වට සහ­භාගි වන රට­ව­ලට නාවික රාජ්‍ය­ත­න්ත්‍රය හරහා විශේ­ෂඥ දැනුම ලබා­ දී­මට හැකි­යාව ලැබී ඇතැයි ද පාකි­ස්තාන නාවික හමු­දාවේ ප්‍රධානි අද්මි­රාල් නවීඩ් අෂ්රෆ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.