සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මැදිහත්වීම ගැන සාකච්ඡා කිරීමට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා IMF නියෝජිත ආචාර්ය මර්තා වෝල්ඩමයිකල් මහත්මිය අතර හමුවක් පසුගියදා බොරුල්ල බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී සමස්ත ශ්‍රී ලාංකික ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන ආර්ථික දුෂ්කරතාවන් සඳහා අස්වැසුම සමෘද්ධිය වැනි සහනාධාරවලින් ඔබ්බට ගිය වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ අතර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය සමාජ කතිකාව ඇති කිරීමට කොළඹ තරුණ බෞද්ධ සංගමයට මැදිහත්වීමේ හැකියාව ඇති බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම මේ සාකච්ඡාවේදී ඩිජිටල් ව්‍යවසායකයන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.