ඌව සහ උතුරු යන පළාත් සඳහා වන තිරසර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි.
ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ කිම් යන්ග් ජින් මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් බණ්ඩාර මහත්වරුන් අතින් ඊයේ (04) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඌව සහ උතුර යන පළාත්වල ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහර කිරීම උදෙසා වන විශේෂ ව්‍යාපෘතියකට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සිය සහාය පළ කර තිබේ.
මේ සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල අෙමරිකානු ඩොලර් මිලියන 10.6කි. මෙම සම්පූර්ණ මුදල කොරියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවේ.
වසර දෙකක් පුරා සිදුකරන ලද පාරිසරික අධ්‍යනයකින් පසුව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගනු ලැබූ අතර මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පොම්පේමඩු ප්‍රදේශයේත් සනීපාරක්ෂක කසළ අංගණ දෙකක් ඉදිකිරීමට කටයුතු කෙරෙනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් වවුනියාව හා බදුල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා අත්‍යවශ්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් හා යන්ත්‍ර සූත්‍ර ලබා දීමටත් පියවර ගැනෙනු ඇත.