ලෝක ශූරතාවලියේදී නවසීලන්තය පහළට

එංගලන්තය සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී අඩු ඕවර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් දෙපිලටම අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ඍණ ලකුණු 3ක් (-3)ක් බැගින් ලබාදීමට අයිසීසීය කටයුතු කර තිබේ. මේ සමඟ දෙපිලේම ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කිරීමට ද කටයුතු කර ඇත.

මේ දඬුවම හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ ලෝක ශූරතාවලියේ ජයග්‍රහණය ප්‍රතිශය 50% බැගින් ලබා සම සිව්වැනි ස්ථානයේ සිටි නවසීලන්තයට 5 වැනි ස්ථානය දක්වා පහත වැටීමට සිදු විය.

මේ තරගයේදී කණ්ඩායම් දෙකම නියමිත කාලයට ඕවර 3ක් බැගින් අඩුවෙන් යවා තිබිණි. ඒ අනුව ඕවරයට ඍණ ලකුණක් බැගින් ලබා දී තිබේ. මේ වන විට නවසීලන්ත ප්‍රතිශතය 47.92%ක් ඇති අතර, 6 වැනි තැන සිටින එංගලන්තයේ ප්‍රතිශතය 43.75% සිට 42.50 දක්වා අඩුවී තිබේ.