1951 වසරේ සිට රාජ්‍ය පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබා දීම ආරම්භ කර ඇතැයි යන්න දැන ගැනීමට ඇත. පසුව 1973 වසරේ සිට නගර සභා පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබාදීම ආරම්භ වී ඇත. ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වීමෙන් පසු ප්‍රාදේශීය සභා පුස්තකාල මඟින්ද පාඨකයන්ට පොත් ලබාදීම සිදු කිරීම ආරම්භ වී ඇත.
මේ අනුව පුස්තකාල මඟින් පොත් ලබාදීම ආරම්භ කර වසර 73ක් පමණ ගත වී ඇත. එහෙත් වර්තමානය දක්වා මෙම පොත් ලබා දීමේ කිසිම වෙනසක් සිදු වී නොමැතිවීම සාමාජිකත්වය ලත් පුස්තකාල සාමාජිකයන්ට කරන බලවත්ම අසාධාරණයක් සහ බලවත්ම අඩුපාඩුවකි. මෙය වර්තමානයට කිසිසේත්ම සුදුසු ආකාරයක් නොවේ. එනමුදු මේ පිළිබඳව කිසිදු වගකිව යුතු බලධාරියකුගේ අවධානය යොමු වී නොමැත. වර්තමානයේ විශේෂයෙන්ම තරුණ පරපුර ජංගම දුරකතන වැනි නවීන උපාංගවලට වැඩිපුර නැඹුරුවක් දක්වමින් කියවීමෙන් ඈත්වන වටපිටාවක් ගොඩනැඟී ඇත.
එම නිසා දැනුම්වත් වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු වී කියවීමෙන් ජනතාව දැනුම්වත් කිරීම උදෙසා නොපමාව සාමාජිකත්වය ලත් පාඨකයාට ලබා දෙන පොත් දෙකක් වෙනුවට පොත් හතරක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු විය යුතු බව සියලුම පාඨක ජනතාව වෙනුවෙන් දන්වා සිටිමි.