ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති අතින් රන් සම්මාන

ශ්‍රී ලංකා ෂෝතෝකාන් කරාතේ දෝ සම්මේලනය සංවිධානය කළ ජාතික කරාතේ ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, ඒ සඳහා උතුර සහ නැඟෙනහිර පළාත් සියල්ලෙන්ම අවුරුදු 6 සිට 21 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1700ක් සහභාගී වූහ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා අතින් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ කිලෝග්‍රෑම් 49ට අඩු බර පන්තියේ කුමිතේ රන් පදක්කම දිනාගත් කොළඹ විශාඛා විද්‍යාලයේ නෙතුකි දුලංසා ජයදේව සම්මානය හිමිකරගත් අයුරු.