උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.

දින 5ක් තිස්සේ පැවති මෙම බාධාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.