වත්මන් රජය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසාව පළ කරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටල් පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.
“මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගන්න නම් පළමුව තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා හැටියට මෙන්ම ආණ්ඩුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප විසින් ඇති කරගෙන තිබූ එකඟතා රාමුව ඉදිරියට ගෙන යෑම ගැන සතුට ප්‍රකාශ කළ යුතුයි. මොකද අපට ඒ රාමුවෙන් පිට පනින්න බෑ. එතැනදී අපේ පවතින ධාරිතාව සම්පූර්ණ කර ගත්තාට පසු අපට අලුත් මාර්ග සොයන්න වෙනවා.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“රට වැටී ඇති තැනින් ගොඩ එන්න තිබෙන හොඳම විකල්පය සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි. සංචාරක ක්ෂේත්රය අප රටට දියුණු වන්නට හැකි වේගවත් ලෙස ඉදිරියට යා හැකි වැදගත් ක්ෂේත්රයක්. ”
මේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සමඟ තවත් ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ.