ඉන්දුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක

ඉන්දුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි රෝහින්ග්‍යා සරණාගතයින් 100 දෙනෙකුට අධික පිරිසක් බේරාගෙන තිබෙනවා.

එම පිරිස අතර වැඩි දෙනෙකු කාන්තාවන් සහ ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 116 දෙනෙකු පමණ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර බේරා ගත් සරණාගතයින් රැගෙන යන ස්ථානය සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් තීරණය කර නොමැති බව සඳහන්.

රොහින්ග්‍යාවරුන් රැගත් එම යාත්‍රාව ප්‍රමාණවත් ධාරිතාව ඉක්මවා යමින් පිරිස් ප්‍රවාහනය කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

එහි සිටි සියලු දෙනා බේරා ගැනීමට සමත් වී ඇති අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.