ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංජනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු වන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
එහි අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ අන්තර්ජාලයේ පවතින දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඉවත් කරන බව පවසමින් ඒ හරහා පණිවිඩ යොමු කර ඇති බවයි.